Friday, January 09, 2026
Follow Us
වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් තහනම් බඩු හමුවේ

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ එක්ස් වාට්ටුවේ ඊයේ සිදු කළ වැටලීමකදී තහනම් භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ජංගම දුරකථන 08 ක්, බැටරි 32 ක් සහ සිම්කාඞ්පත් 04 ක් එහිදී සොයාගැනුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. බන්ධනාගාර බුද්ධි නිලධාරීන් සිදු කළ මෙම වැටලීමේදී ඉලෙක්ට්‍රොනික් තරාදියක්ද සොයාගෙන තිබෙනවා.

එලෙස ඉලෙක්ට්‍රොනික් තරාදියක් එම බන්ධනාගාරය තුළ තබාගෙන සිටියේ ඇයිද යන්න පිළිබඳ මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මක බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එලෙස ඉලෙක්ට්‍රොනික් තරාදියක් තබාගෙන සිටියේ බන්ධනාගාරය තුළ සිට මත්කුඩු ජාවාරම් සිදු කිරීමටදැයි සැක පළව තිබෙනවා.

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ එක්ස් වාට්ටුව තුළ කාන්තා රැඳවියන් 70 ක් පමණ රඳවා සිටින අතර ඔවුන් මත්කුඩු සහ විවිධ නැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් වනවා.

(Neth)