Sunday, July 13, 2025
Follow Us
කන්දකාඩු පොකුර පිළිබඳ පරීක්ෂණ තවදුරටත්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුද්ගලයින් ඇසුරු කළ පුද්ගලයින් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම තවදුරටත් වැඩි කර තිබෙනවා.

උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසුවේ කන්දකාඩු පොකුරේ ආශ‍්‍රිතයින් අතරින් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ යුතු ඉලක්ක ප‍්‍රජාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හඳුනාගෙන ඇති බවයි.

කන්දකාඩු පොකුරේ ආශ‍්‍රිතයින් අතරින් සමාජගත වූ පුද්ගලයින් සෙවීම සඳහා අද දිනයේ ද විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බවයි පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු පැවසුවේ.

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරියද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.

මේ මස පළමුවනදායින් පසු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ගිය පුද්ගලයින් සිටී නම් කරුණු නොසඟවා අදාළ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත තොරතුරු ලබා දෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

(Neth)