Sunday, July 13, 2025
Follow Us
රත්නපුරෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් හමුවේ…එක් ආසාදිතයෙක් සීවලී-ඇලෝසියස් පාසැල්වලටත් ගිහින්..

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.

ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.

රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.

මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කර ඇත.

(Lanka Leads)