Sunday, July 13, 2025
Follow Us
රාජාංගනයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 06ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 106 දෙනෙකු ඊයේ (12) දිනය අවසන් වනවිට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. රාජාංගනයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකවරයාගේ ආශ්‍රිතයින් 06 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

බෙලාරූස් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 05 දෙනෙකු හා එමෙන්ම ඉරානයේ සිට මෙරටට පැමිණ ගාල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි වෙළෙඳ නාවිකයන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකුට ද වෛරසය ආසාදනය වී ඇත.

මේ ආතර කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක් දෙනෙකුට සහ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකුටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2617ක් වන අතර ඉන් සුවය ලබා ඇති පිරිස 1981ක් වේ. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් සංඛ්‍යාව 625ක් වේ.

(Neth)