Wednesday, February 11, 2026
Follow Us
අද දිනයේ කොරෝනා රෝගීන් 94ක් : 76ක් කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්

අද (12) දිනයේ සවස 3.00 වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 94 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 76 දෙනෙකු කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්ථානයට මාරු කළ රැඳවියන් වනවා.

එම පිරිසට අමතරව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ අතර රාජාංගනය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත උපදේශකවරයා සහභාගිවූ අවමංගල්‍ය උත්සවයට සහ දානේ නිවසට පැමිණි කාන්තාවන් තිදෙනෙකුට සහ කුඩා දරුවෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

(Neth)