Sunday, July 13, 2025
Follow Us
දෙවෙනි රැල්ලක් ගැන අපි දිගටම කිව්වා – වෛද්‍ය හරිත අලුත්ගේ

අපි දෙවෙනි කොරෝනා රැල්ලක් ගැන පසුගිය කාලය පුරාම කතා කළා, අවධානය යොමු කළා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

කන්දකාඩු සිද්ධියෙන් පොකුරක් මතුව තිබෙන බව සඳහන් කරන ඔහු මේ වන විට නිල වශයෙන් රෝගීන් 250ක් වාර්තා වන බවද සඳහන් කරයි.

නිල නොවන වාර්තා වලට අනුව මේ වන විට රෝගීන් සංඛ්‍යාව 300 ඉක්මවා තිබෙනවා. එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩි වීමට හැකි යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

දෙවන රැල්ලක් එන බව කීමට හැකි වන්නේ එය සමාජයට කොතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි යන්න විමර්ශනය කිරීමෙන් පසුව බවද අලුත්ගේ මහතා සඳහන් කරයි.

(Lanka Leads)