Tuesday, November 11, 2025
Follow Us
තවත් කොරෝනා රෝගීන් 87ක් කන්දකාඩුවලින් හමුවේ : අද දිනයේ රෝගීන් 283ක්

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 87 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 340ක් වනවා. අද දිනයේ පමණක් මේ වන විට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 283ක් වනවා.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන කන්දකාඩු හා සේනපුර ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථාන දෙකේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය 1150ක් පමණ සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට එම පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර ඇති බවත් පවතින තත්ත්වය මත කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පවතින බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

(Neth)