Thursday, April 25, 2024
Follow Us
ජනපතිගේ නම විකුණා භාණ්ඩාගාර ලේකම් එතනෝල් කන්ටේනර් 60ක් රේගුවෙන් පැන්නීමට බලපෑම් කරලා – නාගානන්ද කොඩිතුවක්කුගෙන් චෝදනා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යොදා ගනිමින් රේගු අධ්‍යක්ෂවරයාට බලපෑම්සහගත ලිපියක් ලියමින් ව්‍යාපාරාරික හැරී ජයවර්ධන මහතාගේ සමාගමක් විසින් නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් මධ්‍යසාර කන්ටේනර් 60ක් නිදහස් කිරීම සදහා බලපෑම් කළ බවට නාගානන්ද කොඩිතුවක්ක මහතා චෝදනා කරයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඊට අදාළ සාක්සියක් ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් රේගු රේගු අධ්‍යක්ෂ වරයාට ලියන ලදැයි කියන ලිපියක්ද ඉදිරිපත් කරනු ලැබීය.

මේ වන විට රට තුලට එතනෝල් මධ්‍යසාර ආනයනය තහනම්කොට ඇත. ඒ අනුව මෙම ක්‍රියාව සත්‍යයක්නම් එය නීති විරෝධී වන බවට රේගු නිලධාරීහු සදහන් කරති.

(Lanka Leads)