Wednesday, April 24, 2024
Follow Us
ජපුර සිදුකළ PCR පරීක්ෂණ අත්හිටුවයි

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ PCR පරීක්ෂණ අත්හිටුවීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකරණය තීරණය කර තිබෙනවා.

සෙසු පර්යේෂණ කටයුතු සඳහා වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම විශ්ව විද්‍යාලයේ වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම මේ සඳහා යොදවා සිටි බවත් මේ මොහොත වන විට PCR පරීක්ෂ 10,000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බවත් පෙන්වා දුන්නා.

PCR පරීක්ෂණ වැඩි සංඛ්‍යාවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් යළි මතුවුවහොත්, අවස්ථානුකූලව ඒ සඳහා සූදානම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)