Saturday, April 20, 2024
Follow Us
වැලිකඩ ආසාදිතයා IDH රෝහලට - සිරකරුවන් බැලීම අත්හිටුවයි

අද (07) පෙරවරුවේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සොයාගෙන තිබූ අතර මෙම පුද්ගලයා කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර තිබුණේ පසුගිය ජුනි 27 වැනිදාය.

අදාල ආසාදිතයා මේ වනවිට ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යවා තිබෙනවා.

මේ වනවිට අදාල ආසාදිතයා සමීපව ඇසුරු කළ රැඳවියන් සහ බන්ධනාගාර නිළධාරීන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඔවුන් නිරෝධායනය කිරීමටද නියමිත වේ.

පවත්නා අවදානම් තත්වය හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් බැලීම සඳහා අමුත්තන්ට ලබාදෙන අවස්ථාව තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දින නියමයකින් තොරව සිරකරුවන් බැලීම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)