Friday, March 29, 2024
Follow Us
කොවිඩ් කාලේ උපන් අසූ දහසකට තවමත් උප්පැන්න නැහැ

කොවිඩ් – 19 වයිරසය පැතිරීම නිසා රට වසා දමා තිබූ මාස තුනේ දී දරු උපත් අසූදහසක් සිදුව ඇතත් මෙතෙක් එම දරුවන්ට උප්පැන්න සහතික සකස් කර ගැනීමට දෙමාපියන්ට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව මාර්තු, අප්‍රේල්, මැයි මාසවල දී දරු උපත් අසූදහසක් පමණ මෙරට සිදුව ඇත. දරු උපතකින් දින 42ක කාලයක් තුළ උප්පැන්න සහතිකය ලබා ගත යුතු වුවත් කොවිඩ් – 19 පැතිරයාම නිසා උප්පැන්න සහතිකය ලබා ගැනීමට දෙමාපියන්ට නොහැකි වී තිබේ.

එම නිසා සහනයක් ලෙස දරු උපත් ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් ආරම්භ කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. එහි දී දෙමාපියන් විසින් සිය විවාහ සහතිකය, උප්පැන්න සහතිකය සහ ප්‍රකාශ පත්‍රය පමණක් ඉදිරිපත් කර දරුවාගේ උප්පැන්න සහතිකය සකස් කර ගත හැකි බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ග්‍රාම නිලධාරින්ගේ වාර්තා අවශ්‍ය නොවන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

(Aruna)