Friday, April 26, 2024
Follow Us
ගුරු මාතාවක් ජනපති අතට ලක්ෂ 2ක් සමග දුන් ලිපිය

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම කෝවිඞ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මේ වනවිට රුපියල් මිලියන 1448 ඉක්මවා තිබෙනවා.

එම අරමුදල සඳහා ආයතන සහ පුද්ගලයින් රාශියක් ඉකුත් දින කිහිපයේදී ද මුදල් ප‍්‍රදානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පුත්තලම, මනක්කුලම ප‍්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි එම්. ඒ. එච්. පී. මාරසිංහ නමැති විශ‍්‍රාමික ගුරු මාතාව එම අරමුදල සඳහා රුපියල් ලක්ෂ 02 ක මුදලක් ඊයේ (06) පරිත්‍යාග කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මාදම්පේ, තනිවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වූ අවස්ථාවේදීයි.

”නීතිය, යුක්තිය, ධර්මය රකින රජයක් - ස්වයංපෝෂිත රටක්, අපට දෙන්න” යනුවෙන් එම මාතාව පරිත්‍යාග කළ රුපියල් පන්දහසේ නෝට්ටුවලින් සමන්විත වූ රුපියල් ලක්ෂ දෙකක මුදල අසුරා තිබූ කොළයේ සටහන් කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සනත් නිශාන්ත සහ අරුන්දික ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

(Neth)