Wednesday, February 11, 2026
Follow Us
දුම්රිය මගීන් පිරිසකට සහනයක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ධාවනය නොවූ දුම්රිය සඳහා දුම්රිය බලපත‍්‍ර හෝ, මුදල් මත හෝ ආසන වෙන්කරගත් මගීන්ට, ගාස්තු අය කිරීමකින් තොරව නව ප‍්‍රවේශපත‍්‍ර හෝ දුම්රිය බලපත‍්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අදාළ හිලව් ගමන මෙම වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර සිදු කළ යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ මගීන් වෙත දැනුම් දෙන්නේ.

මෙම පහසුකම ලබාගැනීමට හැකියාව ඇත්තේ, මුල් ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරවාගත් මගීන් ස`දහා පමණක් බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(Neth)