Wednesday, February 11, 2026
Follow Us
කටුනායකදී එක් මගියෙකුට අමුත්තන් 05ක් රැගෙන ඒමට අවසර

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) දින සිට අවසර ලබා දී තිබෙන බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවා.

එම මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කිරීම අනිවාර්ය බව ද සභාපතිවරයා වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා .

(Neth)