Saturday, July 12, 2025
Follow Us
හිටිඅඩියේ ධනවත් වූවන් ගැන විමර්ශනයක්

අයථා ක්‍රමවලින් මුදල් උපයන පුද්ගලයින්, ජාවාරම්කරුවන් හා හදිසියේ ධනවතුන් වූ ව්‍යාපාරිකයන් සම්බන්ධ සොයා බලන රහසිගත විමර්ශනයක් අරඹා ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියෙක් අනාවරණය කළේය.

මෙම විමර්ශනයේ දී හදිසියේ වත්කම් හා දේපොළ හිමි කරගත් පුද්ගලයන් ගැන රහසිගත වාර්තා සකස් කර තෝම්බුවක් සැකසීමට නියමිතය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ, අවි ආයුධ ජාවාරම්, ත්‍රස්ත ක්‍රියා, සයිබර් අවකාශයේ සිදුවන ජාවාරම්, අල්ලස් ගැනීම්, ඇතුළු අයථා ක්‍රම මගින් මුදල් උපයන පුද්ගලයින් ගැන පොලිස් වසම් මට්ටමින් ද තොරතුරු රැස් කිරීමට නියමිතය.

පොලිස් විශේෂ ඒකකවලට අමතරව රාජ්‍ය බුද්ධි සේවාව, ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ මගින්ද අදාළ වාර්තා කැඳවීමට ද පියවර ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග සනාථ කළේය.

(Aruna)