Saturday, July 12, 2025
Follow Us
ආන්දෝලනාත්මක දොඹකර 03 ගැන අලුත් හෙළිදරව්වක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ඉකුත් යහපාලන සමයේ නිසි පරිදි කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් රටට අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ ආදායමක් අහිමි වී ඇති බව නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පි‍්‍රයාත් බන්දුවික‍්‍රම පවසනවා.

පසුගිය දින කිහිපයේදී ආන්දෝලනයක් ඇති කළ දොඹකර 03 සම්බන්ධයෙන් ද ආචාර්ය පි‍්‍රයාත් බන්දුවික‍්‍රම මෙහිදී අදහස් දැක්වූවා.

එහිදී පෙන්වා දුන්නේ නැගෙනහිර පර්යන්තය ඉදි කළේ අති විශාල නෞකා මෙහෙයවීම සඳහා බවයි. එම නෞකාවල උස සහ පළල පදනම් කරගෙන මෙම ඉදි කිරීම් සිදු කර තිබෙන බවත් මෙම දොඹකර එම පර්යන්තය සඳහා සුදුසු ඒවා නොවන බවත් සඳහන් කළා.

(Neth)