Saturday, July 12, 2025
Follow Us
කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලුයම පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කලේ එම රිය අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අද අලුයම 5.00 ට පමණ පා පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කුසල් මෙන්ඩිස් පැදවු රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙන බවත් ඔහු බීමතින් සිටියාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට වෛද්‍යවරයෙකු වෙත යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(Neth)