Tuesday, November 11, 2025
Follow Us
නාකොටික් නිලධාරීන්ගේ බැංකු ගිණුම් පීරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ බැංකු ගිණුම් සහ දුරකතන සබඳතා පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නිලධාරීන් කිහිපදෙනෙකු විසින් අල්ලාගත් මත්කුඩු තොගයක් ජාවාරම්කරුවන්ට විකිණීම නිසා පොලීසිය තුළ ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් එය නිරාකරණය කිරීම සඳහා මෙලෙස සිදුකරන බව සඳහන් වේ.

කෙසේ වෙතත් හෙරොයින් සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසකට අමතරව තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි චෝදනා ලත් නාකොටික් නිලධාරීන් 16 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

(Lanka Leads)