Wednesday, February 11, 2026
Follow Us
මත්ද්‍රව්‍ය මඩින විශේෂ වැටලීමේදි තවත් 389 දෙනෙකු අත්අඩංගුවට

අද අළුයම 05 න් අවසන් වූ ගත වූ 23 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම්වලදී හෙරොයින් ළග තබාගෙන සිටි සැකකරුවන් 124 දෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 101 දෙනෙකු සහ නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය සඳහන් කළේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි සති කිහිපයක සිට එම වැටලීම් කි‍්‍රයාත්මක වනවා.

(Neth)