Tuesday, November 11, 2025
Follow Us
දෙවන අදියර යටතේ පාසල් ආරම්භ කිරීමටත් සියල්ල සූදානම්

කොරෝනා ව්‍යාප්තියෙන් පසු දෙවන අදියර යටතේ දරුවන් සදහා පාසල් ආරම්භ කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන්නේ ලබන සදුදා සිටයි.

ඒ. 13, 11 සහ 5 යන ශ්‍රේණිවල දරුවන් සදහායි. කොරෝනා ව්‍යාප්තියෙන් පසු අදියර 4 ක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණා. එහි පළමු අදියර ඉකුත් ජුනි 29 වනදා සිදුවුණේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය පාසල් වෙත කැදවා ගනිමින්.

(Neth)