Wednesday, February 11, 2026
Follow Us
මහේලගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වෙනත් දිනයකදී

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අද (03) දිනයේ පැමිණෙන ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතාට පොලිසිය විසින් දැනුම් දී තිබුණ ද අද එහි පැමිණීමට නොහැකි බව ඒ මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පැමිණිය නොහැකි බව මහේල ජයවර්ධන මහතා විසින් දැනුම් දී ඇති නිසා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන බවයි ක්‍රීඩා වැරදි සම්බන්ධ පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසන්නේ.

(LNW)