Saturday, July 12, 2025
Follow Us
සංගාගෙන් පැය නවයක ප්‍රකාශයක්

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර පස්වරුව වන තෙක් ප‍්‍රකාශ ලබාදුන්නා.

ඒ, ක‍්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙතයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ඊයේ පෙරවරු 8.30ට පමණ මෙම ඒකකය වෙත පැමිණියා.

ඔහු පැය 9 කට අධික කාලයක් ප‍්‍රකාශ ලබාදීමෙන් පසු ක‍්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයෙන් පිටව ගියා.

මෙම විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ද පෙරේදා දිනයේ කැදවා පැය 06 කට ආසන්න කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත්තා. ඊයේ දිනයේදී පැය දෙකක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත්තේ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයට ක‍්‍රීඩා කළ උපුල් තරංගගෙන්.

(Neth)