Wednesday, February 11, 2026
Follow Us
ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටිනවා. මිය යන විට එතුමිය 93 හැවිරිදි වියේ පසුවූවා.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත එතුමිය රෝහල් ගත කොට සිටිය බවත් ඊයේ රාත්‍රී 11 ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙරට ළමා සාහිත්‍ය වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් සිය වගකීම ඉටු කරනු ලැබුවා.

(Neth)