Wednesday, February 11, 2026
Follow Us
අරවින්ද ද සිල්වා පැය හයක තිස්සේ තවමත් සාක්ෂි දෙයි

2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය වෙත අද පස්වරුවේ පැමිණි හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් එහි නිලධාරීන් තවදුරටත් ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

අරවින්ද ද සිල්වා එම ප‍්‍රකාශ ලබාදීමට එම විමර්ශන ඒකකය වෙත පැමිණියේ පස්වරු 02 ට පමණයි.

2011 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූ‍ත්ගමගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළා.

ඒ සම්බන්ධයෙන් එවක තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වාගෙන් මෙලෙස ප‍්‍රකාශයක ලබා ගනිමින් සිටිනවා. හිටපු කී‍්‍රඩා අමාත්‍යවරයා ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණේ සිය අනුමැතියකින් තොරව 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා කී‍්‍රඩකයින් සිව්දෙනෙකු කැඳවූ බවටයි.

(Neth)