Saturday, July 12, 2025
Follow Us
මැතිවරණ ආරක්ෂාවට පොලිසියේ හැටහත් දාහක්

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැටහත්දහසක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් දොළොස්දහසක් යෙදවීමට තීරණය කර ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය පවසයි.

පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිවරණ කොමිෂන් සභාවට මේ බව දැනුම් දී තිබේ.

ඡන්ද විමසීම සිදුකරන ඡන්ද මධ්‍යස්ථාන දොළොස්දහස් හත්සියයකට අධික සංඛ්‍යාවක රාජකාරි සහ ජංගම රාජකාරි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන රාජකාරි සඳහා මෙම පොලිස් නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට සැලසුම් කර ඇත.

වෙනත් මැතිවරණවලදී සිවිල් ආරක්ෂක නිලධාරීන් තුන්දහසක් පමණ මැතිවරණ රාජකාරි සඳහා යෙදවූවත් මෙවර එම සංඛ්‍යාව දොළොස්දහස දක්වා වැඩිකර ඇත.

(Aruna)