Saturday, July 12, 2025
Follow Us
කෝවිඩ් සටන ජය ගත්තේ ජනපතිගේ බුද්ධිමත් තීරණ නිසයි..

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 300කට පමණ සීමාකර ගැනීමට හැකි වූයේ කොවිඩ් නයින්ටීන් වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකාව ගෙන ගිය වැඩපිළිවෙල නිසා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රමවේදය ලොව වඩාත් සාර්ථක ක්‍රමවේදය බවට බොහෝදෙනා පිළිගන්නා බවය.

මේ අතර කොවිඩ් – 19 තත්ත්වය පාලනයට ආරක්ෂක හමුදාව මුල් අදියරේදීම යොදවා ගැනීමට ජනාධිපතිවරයා බුද්ධිමත් තීරණයක් ගත් බව ඒ මහතා වැඩිදුටත් පැවසීය.

හමුදාපතිවරයා කියා සිටියේ, චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මෙරට තුළ ජනාධිපති කාර්යසාධක බලකාය ජනවාරි මස 26 වනදා පත්කළ බවය.

කොවිඩ් – 19 තත්ත්වය පාලනයට සිදුකරන සම්පූර්ණ ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

(Lanka LEads)