Wednesday, February 11, 2026
Follow Us
කළුතර නගරාධිපතිවරයා අත්ඩඅංගුවට

කළුතර නගරාධිපතිවරයා, කළුතර දකුණ පොලීසිය මගින් අද අත්ඩඅංගුවට ගැනුණා.

ඒ, නිරෝධායන නීති උල්ලංඝණය කිරීම, අයුතු ජනරාශිය සහ දේපළවලට හානි සිදුකිරීම යන චෝදනා යටතේයි. ඔහු අද කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

කළුතර ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ද ඉකුත් 26 වනදා කලූතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 23 වනදා කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගනයේ ඉබියතුරු කඩා කී‍්‍රඩාංගනයට ඇතුලූවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව කී‍්‍රඩාංගනයේ කළමනාකරු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

(Neth)