Wednesday, July 02, 2025
Follow Us
ආසිරි වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාව පිළි නොගනී

ආසිරි රෝහල් සමූහය විසින් ආරම්භ කිරීමට යෝජිත පෞද්ගලික වෛද්‍ය උපාධිය පිළි නොගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබේ.

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම වෛද්‍ය සභාවේ වගකීමක් හෙයින් මෙම තීරණය ගත් බව එම වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ ඊයේ (28වැනිදා) ‘අරුණ’ට පැවසීය.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ජනතාවට වගකිව යුතු වනවා පමණක් නොව යහපත් වෛද්‍ය සේවාවක් ජනතාවට ලබා දීමේ වගකීම වෛද්‍ය සභාව සතු වන බව ද ලේඛකාධිකාරීවරයා සඳහන් කළේය.

මෙම පෞද්ගලික වෛද්‍ය උපාධි පාඨමාලාව ක්‍රියාත්මක වන්නේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වෛද්‍ය විද්‍යාලය හා ඒකාබද්ධව ය.

(Aruna)