Thursday, July 09, 2020
Follow Us
බරපතල ගණයේ අපරාධකරුවන් 38 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී පුද්ගලයින් 729 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් අතර බරපතල ඝණයේ අපරාධ 38 ක් සහ සුළු අපරාධ 60 ක් සඳහා අවශ්‍ය සැකකරුවන් 106 දෙනෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ.

වරෙන්තු ලබාසිටි පුද්ගලයින් 199 දෙනෙකු හා විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයින් 114 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පෙරවරු 07 සිට පස්වරු 07 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කළ බවයි පොලීසිය සඳහන් කළේ.

(Neth)