Thursday, January 08, 2026
Follow Us
තැපැල් සේවකයෝ වර්ජනයකට සැරසෙති

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එලඹීමට තැපැල් වෘත්තීය සමිති සූදානම් වනවා. මැතිවරණ රාජකාරි සම්බන්ධයෙන් ගැටලූවක් ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම වෘත්තීය සමිති මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට එලඹීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් තැපැල් වෘත්තීය සමිති, තැපැල්පති රංජිත් ආරියරත්න සමග අද සාකච්ජාවක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා. එහිදී එලඹෙන තීරණ අනුව මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි තැපැල් වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)