Thursday, January 08, 2026
Follow Us
කොළඹ මාර්ග කිහිපයක බස් ප‍්‍රමුඛතා මංතීරු නීතියේ තවත් අදියරක් අද සිට

කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ තවත් අදියරක් අද (29) පෙරවරු 06 ට ආරම්භ කෙරුණා. ඒ, ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි.

ඒ අනුව අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වා මෙය කි‍්‍රයාත්මක වන බවයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ. එම මාර්ගවල බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වා ද කි‍්‍රයාත්මක බව ඔහු ප‍්‍රකාශ කළා.

බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය කි‍්‍රයාත්මක කාලවේලාවන් වලදී ත‍්‍රීරෝද රථ, යතුරු පැදි හෝ සැහැල්ලූ වාහන ඊට ඇතුලූ කිරීම තහනම් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)