Thursday, January 08, 2026
Follow Us
පාතාල හයකගේ දේපළ රජයට

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්වලට ඍජුව සම්බන්ධ හය දෙනකුගේ මුදල් සහ දේපළ රාජසන්තක කිරීම සඳහා මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ මෙම දේපළ රාජසන්තක කිරීමට තීරණය කර ඇතැයිද ඉඩම්, වාහන, රත්තරන් ඇතුළු රාශියක් මේ වන විටත් හඳුනාගෙන ලැයිස්තුගත කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ගෝනාකෝවිල අංජු, ධර්මසිරි යන දෙදෙනා ඇතුළු හය දෙනකු මීට ඇතුළත් බව සඳහන් වේ.

Deshaya