Wednesday, July 09, 2025
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට අද රාත‍්‍රී 10 සිට පැය 18 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, මහ කොළඹ ජල හා අපජල කළමණාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව අද රාත‍්‍රී 10 සිට හෙට පස්වරු 4 දක්වා කාලය තුළ කොළඹ 13, 14, 15 යන ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව එම කාලය තුළ කොළඹ 01, 11 සහ 12 ප‍්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ.

(Neth)