Sunday, May 05, 2024
Follow Us
ෂාෆි දොස්තරගේ පැටිකිරිය එළියට

සිංහල මවුවරුන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා ලැබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ඊයේ (25 දා) යළි විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු විභාගයට අදාළ සාක්‍ෂි සටහන් කළ පිටු 41 කින් යුත් වාර්තාවක් කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේෂ් විජේරත්න සහ පො.සැ. (1436)ඒකනායක යන මහත්වරුන් විසින් එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

එම සාක්ෂි සටහන් වාර්තාවට අනුව වෛද්‍යවරුන්, හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල පිරිසක් ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් කළ බවට ප‍්‍රකාශ කර ඇති අතර සිංහල මවුවරුන් සඳහා සිදුකළ සැත්කම්වලින් පසුව මැහුම් දැමීමේදී එක් ස්ථරයක් පමණක් යොදා ගෙන ඇති අතර මුස්ලිම් මවුවරුන් සඳහා ස්ථර දෙකක් යොදාගත් බවට ද පවසා ඇත.

එසේම මුස්ලිම් මවුවරුන්ට ලැබෙන දරුවන් වෛද්‍යවරයා දෑතට ගෙන ආගමික කටයුත්තක යෙදුනු බවද සඳහන් කර තිබේ.

ෂාෆි වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමේදී ඉතා ඉක්මනින් කඩිසරව සිදු කරන බවත් සැත්කමින් පසු ගෝස් කැබැල්ලක් ගෙන ඉන් තදින් ගර්භාෂයේ බිත්ති පිරිමදින බවත් සැත්කම් සිදු කිරීමේදී කාර්ය මණ්ඩලය විවිධ ස්ථානවලට යොමු කරන බවත් මෙම සාක්‍ෂි සටහන්වල දැක්වේ.

මෙ වෛද්‍ය වරයා විසින් එල්. ආර්. ටී. සැත්කමත් අනවසරයෙන් සිදු කළ බව කියන මවක 2020 පෙබරවාරි 26 දින කුලියාපිටිය මූලික රෝහලේදී පරීක්‍ෂණයකට ලක්කළ විට ඇය එල්.ආර්.ටී. සැත්කමක් සිදුකළ බවට ඔප්පු වුවත් එය නිවැරැුදි නොවන බව පවසා නැවත සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී සනාථ වී ඇත්තේ එල්.ආර්.ටී. සැත්කමක් සිදුවී නොමැති බවත් මේ අනුව කුලියාපිටිය මූලික රෝහලෙන් සිදුකරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලදී විශ්වාසනීයභාවයක් නොමැති බව මෙම නඩු විභාගයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාව සහ පැමිණිල්ලේ නීතිඥවරුන්ගේ ඉල්ලීම ගැන සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා කියා සිටියේ ස්වාධීන පරීක්‍ෂණයක් සඳහා කොළඹ විශ්වවිද්‍යා වෛද්පී‍යඨයේ පීඨාධිපති ඇතුළු වෛ්ක‍යණ්ඩායමක් මෙම වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යොදාගන්නා බවයි.

කුරුණෑගල හෝ කුලියාපිටිය ශික්‍ෂණ රෝහල්වලින් බැහැරව වෙනත් සුදුසු රෝහලක අදාළ වෛi පරීක්‍ෂණ සිදුවෙනවාට තමන්ගේ අකමැත්තක් නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයපේ‍්‍රම වී. තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

නැවත නඩු විභාගය අගෝස්තු මස 26 දිනට කල්තබන ලදී. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න, නීතිඥ සමන් බණ්ඩාර සහ නිලූෂා උයන්වත්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

(Lanka Leads)