Sunday, May 05, 2024
Follow Us
බූස්සේ රැඳවූ විශේෂ ගණයේ අපරාධකරුවන් ඉල්ලීමක් ඉදිරිපත් කරයි

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ (25) රාත‍්‍රී ආහාරවේල ප‍්‍රතික්ෂේප කරමින් එම බන්ධනාගාරයේ රඳවා සිිටින විශේෂ ගණයේ අපරාධකරුවන් 15 දෙනෙකු පමණ එලෙස ආහාර වර්ජනය කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

වෙන - වෙනම සිර මැදිරිවල රඳවා සිටින එම රැඳවියන් ආහාර වර්ජනය ආරම්භ කර ඇත්තේ තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින්.

දිනපතා අවස්ථා දෙකකදී පැය බැගින් පැය 02 ක කාලයක් ඔවුන් රඳවා සිටින සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා.

ඔවුන් පිටතට ගනු ලබන්නේ ද අනෙකුත් රැඳවියන්ට එකිනෙකා මුණ නොගැසෙන ආකාරයටයි. එලෙස සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය තවත් වැඩි කරන ලෙසයි ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ.

කෙසේ වෙතත්, බන්ධනාගාර ප‍්‍රධානීන් එම ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වා නැහැ. කොස්ගොඩ තාරක, වෙලේ සුදා, පොට්ට නවුෆර්, කංජිපානි ඉම්රාන් වැනි ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් අදාළ සිරමැදිරිවල රඳවා සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් 02 කදී ජංගම දුරකථන 15 ක් සොයාගැනුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

(Neth)