Sunday, May 05, 2024
Follow Us
මෙරට දෙමළ ජනයාට අවශ්‍ය ෆෙඩරල් පාලනයක් සහිත දේශපාලන විසඳුමක් – හූල් කියයි

මෙරට දමිළ ජනතාවට අවශ්‍යව ඇත්තේ ෆෙඩරල් පාලනයක් සහිත දේශපාලනික විසඳුමක් බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප‍්‍රකාශ කළේය.

එය ඒකීය රාජ්‍ය සහ වෙනම රටක් යන සංකල්පයකට මධ්‍යස්ථව තිබිය යුතු බවත් ඒ ඔස්සේ සිංහල ජනතාවට සහ දමිළ ජනතාවටත් යහපතක් සැලසෙන බවද හෙතෙම සඳහන් කළේය.

ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීමට තමා ලැජ්ජා නොවන බවත් එය තමා කුඩා කල සිටම ප‍්‍රාර්ථනා කළ බලාපොරොත්තුවක් බවද හූල් මහතා පවසා සිටියේය.

දමිළ ජනතාවට කුමනාකාරයේ දේශපාලන විසඳුමක් අවශ්‍ය වන්නේ දැයි පවසමින් විද්‍යුත් මාධ්‍යයක් සම`ග කළ සාකච්ඡුාවකදී මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඉහත අදහස් ප‍්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)