Sunday, May 05, 2024
Follow Us
ගුවන් තොටුපළ විවෘත කිරීමට සෞඛ්‍ය අංශවලින් කොල එළියක් ලැබෙන තෙක් බලා සිටියි

අගෝස්තු 01 වැනිදා සිට සාමාන්‍ය ගුවන් සේවා කටයුතු සඳහා ගුවන්තොටුපල යළිත් විවෘත කිරීමට සැලසුම් කර තිබුණද මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ ගුවන් මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙතෙක් සෞඛ්‍ය බලධාරින්ගේ අවසරය ලැබී නොමැති බවයි. ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා මට්ටමක පවතින බවත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ දී ප‍්‍රායෝගික ගැටළු රැසකට විසඳුම් සෙවීමට සිදු වී ඇති බවත් ඔහු පැවසුවා.

ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ට නවාතැන් ගත හැක්කේ සංචාරක අධිකාරියේ ලියාපදිංචි හෝටල්වල පමණයි. මෙරට තුළ එවැනි ස්ථාන ඇත්තේද 5,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවයි සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ.

සියළු සංචාරකයින් මෙරට රැදී සිටින කාලය තුළ PCR පරීක්‍ෂණ 3 කට ලක් කෙරෙනවා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් ද එම සංචාරකයින් නිරන්තර පරීක්‍ෂාවකට ලක් කිරීමටයි නියමිතව ඇත්තේ.

(Neth)