Wednesday, July 09, 2025
Follow Us
විල්පත්තු නඩුවේ නියෝගය ජුලි 31 වැනිදා

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සමේ නියෝගය ජූලි මස 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (24) දින ලබා දුන්නා.

අද දින හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් වෙනුවෙන් නීතිඥවරයකු පෙනී සිටිමින් පවසා සිටියේ තම සේවාදායකයා මේ වන විට ලිඛිත දේශන ගොනු කර ඇති බැවින් යළි ලිඛිත දේශන ගොනු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

අනිකුත් පාර්ශ්වයන්ද ලිඛිත දේශන ගොනු කර ඇති බව අධිකරණයට දැනුම් දෙන ලදි.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ කැඳවන ලදි.

මෙම පෙත්සම විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබෙනවා.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු මෙහි වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

(Neth)