Wednesday, July 09, 2025
Follow Us
ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම ගැන ප්‍රශ්න කිරීමට මහින්දානන්දගේ නිවසට

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉන්දියාවට විකිණූ බවට එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඒ මහතාගේ නිවසට ගොස් තිබේ.

අද (24) උදෑසන මෙම ප්‍රකාශය සටහන් කරන්නා බවයි විශේෂ විමර්ශන ඒකකය බාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසන්නේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය සටහන් කරගැනීමට නියමිතය.

(LNW)