Thursday, February 12, 2026
Follow Us
පැය 12 ක් තුළ  PCR පරීක්ෂණ 500 ක් කළ හැකි රාසායනාගාරයක්

පැය 12 ක් තුළ PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරයක් අද (24) විවෘත වනවා.

ඒ, මුල්ලේරියාව රෝහල් පරිශ‍්‍රයේදීයි.

මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම රසායනාගාරය ඉදිකිරීමට හැකි වූ බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය පි‍්‍රයන්ත කරුණාරත්න නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙහි විශේෂත්වය වන්නේ රසායනාගාරයේ පද්ධතිය තුල එක් වටයක දී පැය 02 ක් වැනි කෙටි කාලයක් තුල සාම්පල 96 ක් විශ්ලේශණය කර පැය 04 ක් තුළ දී වාර්තා නිකුත් කිරීමේ හැකියාවක් පැවතීමයි.

ඒ අනුව දැනට සාම්පල් ලබාගැනීමෙන් පසු වාර්තා නිකුත් කිරීම දක්වා කාලය තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

(Neth)