Wednesday, July 09, 2025
Follow Us
කරුණා CIDයට එයි

ද්‍රවිඩ මහා සභා පක්‍ෂයෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අද (23) පෙරවරුවේ ඔහු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

LTTE සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේ තමන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින්ම ඉකුත් දිනෙක ප‍්‍රකාශයක් සිදුකර තිබුණා. අදාළ ප‍්‍රකාශය පිළිබද වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසටයි වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) නියම කළේ.

(NEth)