Wednesday, July 09, 2025
Follow Us
දකුණේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල ලෙඩවෙයි

අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළකරමින් අද (23) සහ හෙට (24) දින දෙකෙහි අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දකුණු පළාත් සභාවට අයත් සියලු රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩල තීරණය කර තිබේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සමඟ ඊයේ දිනයේත් පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසන්නේ.

මෙම අතිකාල දීමනා ප්‍රශ්නයට අදාළව පසුගිය දින ගණනාවක් පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිහඬ විරෝධතා ව්‍යාපාර සිදුකළ නමුත් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් ඊට ලැබී නොතිබුණි.

(LNW)