Thursday, February 12, 2026
Follow Us
අමෙරිකාවේ සිටි 217 ක් දිවයිනට

අමෙරිකා එක්සත් ජනපදයේ ,ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

(Aruna)