Wednesday, July 09, 2025
Follow Us
කොවිඩ් 19 ගැන ලංකාවෙන් තවත් සුභ පුවතක්

ගතවූ දින දෙකක කාලය තුළ කිසිඳු කොවිඩ් 19 වසංගත රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්කර ඇත.

ඊයේ (21) දිනයේ දී තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබීමත් සමග දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 441 දෙනෙකු බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සඳහන් වෙයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ලක්ෂයකට ආසන්න පි.සි.ආර් පරික්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇති බවය.

(LIN)