Thursday, February 12, 2026
Follow Us
ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 490 ක් දක්වා අවම වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 490 ක් දක්වා අවම වී තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලයන් ප්‍රමාණය 25 කි.

IDH රෝහලෙන් ඊයේ 10 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මීට අමතරව වැලිකන්ද සහ තෙල්දෙණිය මූලික රෝහල්වලින් 05 දෙනා බැගින්ද හෝමාගම රෝහලෙන් 03 දෙනෙකුද කාත්තන්කුඩි සහ මුල්ලේරියාව රෝහල්වලින් එක් අයෙකු බැගින්ද සුවය ලබා පිටව ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1947 දෙනෙකු මෙරටින් හමු වූ අතර සුවය ලබා සිටින පුද්ගලයන් ප්‍රමාණය 1446 කි.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් 490 දෙනා රෝහල් 10 ක ප්‍රතිකාර ලබමින් සිටී.

(LNW)