Tuesday, July 08, 2025
Follow Us
මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ ලිපිය යවයි !

ශ්‍රී ලංක‍ා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අප ඊයේ පස්වරුවේ පළමු වරට අනාවරණය කළේය. මේ වනවිට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුව වෙත භාර දී ඇති බව වාර්තා වේ.

පෞද්ගලික හේතු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 16 වැනිදා මහ බැංකුවේ ඉහළ නිළධාරීන් ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක් වූ අතර ජනාධිපතිවරයා එහිදී සෘජුවම ප්‍රකාශ කළේ රජය සමග සහයෝගයෙන් වැඩකළ නොහැකි නම් ඉල්ලා අස්වන ලෙසයි.

(LNW)