Tuesday, July 08, 2025
Follow Us
අද අලුයම දිවයිනට පැමිණි 290 අතරේ ගැබිනි මව්වරුන් 100ක්

අද (18) දින අලුයම ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස අතර ගර්භනී මාතාවන් 100 ක් පමණ සහ කුඩා දරුවන් 08 දෙනෙකු සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට මෙලෙස අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් ගුවන් තොටුපළ තුළදීම PCR පරීක්ෂණ සඳහා ලක් කෙරුණා.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණා.

(Neth)