Tuesday, July 08, 2025
Follow Us
පෞද්ගලික බස් මිලදී ගන්න සහන පොලියට ණය

පෞද්ගලික බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට සියයට හතරක සහන පොලිය මත ණය ලබාදීමට ඊයේ (17 වැනිදා) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

ඒ අනුව පහත් පතුල් සහිත බස් රථ මිලදී ගැනීම සඳහා පමණක් මෙම සහන පොලී ණය හිමිවනු ඇත.

මේ අතර කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක ප්‍රමුඛතා මංතීරු සැකසීමේ වැඩපිළිවෙළද සාර්ථක බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ ඊයේ (17 වැනිදා) ඛනිජ තෙල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි

(Aruna)