Tuesday, July 08, 2025
Follow Us
කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්තේදී පිහි ප‍්‍රහාරයක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්ත ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ත‍්‍රීරෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය වන අවස්ථාවේ රථවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සැකකරුවන් ලූහුබැඳ ගොස් ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියා ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(Neth)