Tuesday, July 08, 2025
Follow Us
හේමසිරි - පූජිත් මූලික විමර්ශන අවසන්

ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 23 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) තීරණය කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාල මූලික විමර්ශන කටයුතු අවසන් කර ඇති බවයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ කරුණු දැක්වීමෙන් පසු මෙම පැමිණිල්ල ඔක්තෝබර් 23 වැනිදා දක්වා කල් තැබූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

(LNW)